19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලත්ව නොතිබූ ප්රජාතන්ත්රවාදී ලක්ෂණ රැසක් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුමදීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
අදාල ලක්ෂණ පිළිබදවද අධිකරණ අමාත්‍යවරයා මෙලෙස පැහැදිලි කළා.
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගාමීව දුෂණ විරෝධි නීතියද පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා බවයි අධිකරණ අමාත්‍යවරයා විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ.