21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීම පිණිස මූලික කෙටුම්පතක් කඩිනමින් සකස් කිරිම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට අවශ්‍ය මග පෙන්වීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබෙනවා.
එමෙන්ම අදාළ පණත් කෙටුම්පත සහ දැනටමත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා පිළිබඳ සාකච්ඡා කර පොදු එකගතාවයක් සහිත කෙටුම්පතක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමටයි යෝජනා වී ඇත්තේ.
එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාට බලය පැවරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
