21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යම් බලපෑමක් මත ඉදිරියට ගමන් නොකරන ආකාරයක් පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසනවා.
ආණ්ඩුවෙන් ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයන් කොළඹදී පැවැත්වූ සාකච්ඡාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද එක්වුනා.
තෙල් හා ගෑස් පෝලිම් ප්‍රශ්ණය සති දෙක තුනකින් විසදාලිය හැකි වුවත් යම් පිරිසක් විවිධ අරමුණු මත ඊට පියවර නොගන්නා බවටයි උන්වහන්සේ චෝදනා කලේ.