එළඹෙන වසරේදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙක ම එක ම වසරක් තුළ පැවැත්වීමට හැකි වන ලෙස පාසල් අධ්‍යයන කටයුතු ක්‍රමානුකූලව සාමාන්‍ය තත්ත්වයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
ඒ තුළින් විභාග කාලසටහන යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේ ය.
අ.පො.ස සාමාන්‍ය පෙළ ඉහළින් සම ත්, අඩු ආදායම්ලාභී ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල සිසු-සිසුවියන්ගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්රදානය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (මැයි 18) පැවති වැඩසටහනකදී ඔහු මේ බව පැවසීය.
මේ අවස්ථාවට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ද සහභාගි විය.
විද්‍යාපීඨ ගුරුවරුන් 7,800කට එළැඹෙන ජූනි 15දා නව පත්වීම් ලබා දීමට සැලසුම් කොට ඇතැයි ඇමතිවරයා පැවැසීය.
එමගින් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවීමට පියවර ගන්නා බව ත් ඔහු කීය.
විද්‍යාව, තාක්ෂණය හා භාෂාව වැනි ගුරු හිඟය වැඩි වශයෙන් පවතින විෂය ක්ෂේත්රවලට අනුමැතිය ලබා ගැනීමෙන් පසු විශ්වවිද්‍යාලවලින් පිටවන වයස 35ට අඩු උපාධිධාරීන් ජාතික හා පළාත් මට්ටමින් පාසල් ගුරුවරු බඳවාගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ඉන්දීය රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව 2006 වර්ෂයේ සිට ක්‍රියාත්මක කෙරේ.
ඉන්දියානුවන් නිදහසේ පියා ලෙස හඳුන්වන මහත්මා ගාන්ධිතුමාගේ ගුණානුස්මරණය පිණිස “මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව” ලෙසින් මේ ශිෂ්‍යත්වය නම් කර ඇත.