2022 අයි පී එල් ශූරතාවය දිනා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.
හාර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම පළමුවරට මෙවර අයි පී එල් තරගාවලිය නියෝජනය කිරීමද විශේෂත්වයක්.
අහමදාබාද් හිදී ඊයේ පැවති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කඩුලු 07 ක පරාජයක් අත්වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවදානයේ කඩුලු 09 ක් දැවී ලබාගත්තේ ළකුණු 130 ක් පමණයි.
ජොස් බට්ලර් 39 යි.
හාර්දික් පාණ්ඩ්‍යා ලකුණු 17 කට කඩුලු 03 ක් බිඳහෙලුවා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 18 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වුණා.
ශුබ්මන් ගිල් නොදැවී 45 යි.
මෙවර අයි පී එල් අනු ශූරයන් බවට පත්වූ රාජස්ථාන් පිළේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රවීණ ක්‍රීඩක කුමාර් සංගක්කාර කටයුතු කල අතර පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කලේ ලසිත් මාලිංගයි.
