අයි පී එල් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් කඩුලූ 05 ක ජයක් අත්කරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පරාජයට පත්කරමින්.
පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 161 ක්.
සූර්්‍යකුමාර් යාදෙව් පන්දු 36කදී ලකුණු 52ක් ලබා ගත්තා.
පැට් කමින්ස් ළකුණු 49 කට කඩුලූ 02 ක් බිඳහෙලූවා.
පිළිතුරු ඉණිම ක්‍රිඩාකල කොල්කටා කණ්ඩායම පන්දුවාර 16 කදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වුණා.
පැට් කමින්ස් නොදැවී ලකුණු 56 ක් දවෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 50ක් ද ලබා ගත්තා.
අයි පී එල් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය අද පැවැත්වෙනවා.