වන අලීන් පහරදීමෙන් දැනට සිදුවන හානි සංඛ්‍යාව ලබන වසර වනවිට සියයට 50කින් අඩුකරගැනීමට නොහැකි වුවහොත් ලබන වසරේ අගෝස්තු 20 වනදා තමන් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව වනජීවී විෂයභාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ අද (07) පැවැත්වෙන 2022 අයවැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදී අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ.
ජාතික ආහාර නිෂ්පාදනයෙන් සියයට 20ක් වන අලීන් විනාශ කර දමන බවත් මෙම ගැටලුව විසඳීමට නොහැකිව රටට ඉදිරි ගමනක් නොමැති බවත් විමලවීර දිසානායක මහතා පෙන්වා දුන්නා.
වන අලි පහරදීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගෙන් තමන්ට ලැබෙන ප්‍රතිචාර පිළිබඳවද මෙලෙස සඳහන් කළා.