2022 අයවැය සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් වන පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.
ග්‍රාමීය, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් ඉටුකළ යුතු කාර්යයන්, ජාතික මට්ටමින් අවධානය යොමුකළ යුතු කාර්යයන් සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම යන අංශ සඳහා පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබා ගැනීම මෙහිදී සිදුවුණා.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි පසුපෙළ මන්ත්‍රීවරුන් මෙහි දී යෝජනා ඉදිරිපත් කර ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කලා.
