මෙවර විශ්ව විද්‍යාල සඳහා අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ යුතු බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
ඒ සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය බව ඔහු පැවසීය.
ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් සම්පූර්ණ කිරීමේ දී කොමිෂන් සභාව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ නිවැරදිව සැලකිල්ලට ගත යුතු බව ද අමරතුංග මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධය හමුවකදීය.
2021 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 42,519 දෙනෙකු සරසවි සඳහා බඳවා ගන්නා අතර ඒ අතුරින් වෛද්‍ය පීඨ සඳහා සිසුන් 2,035 දෙනෙක්ද ඉංජිනේරු පීඨ සඳහා සිසුන් 2,238 දෙනෙක්ද සුදුසුකම් ලබා ඇති බව සඳහන් විය.
