2021 වර්ෂය ආරම්භයේ සිට ගතවු පළමු මාස 06 දක්වා කාලය තුලදී සුරාබදු ආඥා පණත යටතේ සාර්ථක වැටලීම් 16 දහස් 084 ක් සිදුකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම අන්තරයාකර ඖෂධ පිළිබද ආඥා පණත යටතේ වැටලීම් 2 152 ක් මෙන්ම දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පණත යටතේ වන වැටලීම් 1405 ක්ද සිදුකිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.
එම වැටලීම් වලදී අදාළ වරදවල් සම්බන්ධයෙන් පුද්ගලයන් 19 දහස් 641 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවලදී භාරයට ගන්නා ලද නඩු භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකම මිලියන 200 ඉක්මවන බවටයි වාර්තා වන්නේ.
අධිකරණය මගින් නියම කර ඇති සමස්ථ දඩ මුදල් වල එකතුව රුපියල් මිලියන 60 කට අධිකයි. සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ වලක්වාලමින් සාර්ථක වැටලීම් සිදු කිරීම සදහා මහජනතාව ලබාදෙන අගය කරන බව නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
පැය 24 පුරා ක්‍රියාත්මක 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ 0112 877 882 සහ 0112 877 688 යන දුරකථන අංක වෙත තවදුරටත් මෙම පැමිණිලි ඉදිරිපත් කරනලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.