බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේදී අද අලුයම සිදුකල වැටලීමකදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 45 වටිනාකම රුපියල් කෝටි 45 කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශණ ක්‍රියාත්මකයි.
මෙම මත්ද්රන්ය ජාවාරම මෙහෙයවා ඇතැයි සැකකෙරෙන්නේ විදෙස්ගතව සිටින පානදුරේ සලිදු නැතැත්තායි.
පොලිස් මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් රෝහණ මහතා මේ පිළිබද වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.
2021 ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සිදුකල වැටලීම් වලදි රුපියල් බිලියන 9 කට ආසන්න මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාද්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
