2021 ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචියට අදාළ තොරතුරු සපයා ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේ www.election.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකළ හැකියි.
2021 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කරගැනීමට සුදුසුකම් ලැබූ වයස අවුරුදු 18 සම්පූර්ණ වන ශ්‍රී ලාංකික පුරවැසියන් ලියාපදිංචි කිරීම, පවතින ඡන්ද හිමි නාමලේඛනයේ ස්වකීය නමෙහි අඩුපාඩු හෝ මුද්‍රණ දෝෂ නිවැරදි කිරීම මේ යටතේ සිදු කෙරෙනවා.
පදිංචිය වෙනස් වූයේ නම් එය වෙනස්කර ගැනීම, 2020 වර්ෂයේ ලියාපදිංචි නොවූ ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීම ද මෙම වැඩපිළිවෙල යටතේ සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කලේ.