2020 වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් භාරගැනීම ලබන සදුදා සිට නැවත ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ ලබන 30 වනදා දක්වා එම අයදුම්පත් ඉදිරිපත්කළ හැකි බවයි.
අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර එහි ඡායා පිටපතක් [email protected] යන විද්‍යුත් ලිපිනයට එවිය යුතු බවයි සම්පත් අමරතුංග මහතා සදහන් කළේ.
සම්පත් අමරතුංග මහතා කියාසිටියේ සංචරණ සීමා පැවති කාල සීමාව තුළ ඇතැම් සිසුන්ට විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කිරීමට නොහැකි වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට දී තිබූ කාලය පසුගිය ජුනි මස 18 වැනිදායින් අවසන් වුණා.
අයැදුම්පත් යොමු කරන සිසුන් ලබන සඳුදා එනම් ජූලි 26 වැනි දින සිට ජූලි 30 වැනි දින දක්වා කාලය තුළ ඔන්ලයින් ඔස්සේ අයැදුම් කළ යුතු වනවා.
අදාල කාලය තුළ අයැදුම්පත් යොමු කරන සිසුන්හට නැවතත් සිය විශ්වවිද්‍යාල හෝ පාඨමාලා අනුපිළිවෙළ වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහාත් යළි සති දෙකක කාලයක් ලබා දෙන බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
