2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය මේ වනවිට පැවැත්වෙනවා.
ඒ ජපානයේ නව ජාතික ක්රීඩාංගණයේදීයි.
ටෝකියෝ නගරයට හදිසි තත්වයක් පණවා තිබීම හේතුවෙන් නරඹන්නන්ගේ සහභාගීත්වයෙන් තොරවයි මෙවර සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ.
ප්රමාණයෙන් කුඩා සමාරම්භක ආචාර පෙළපාලියක් පැවැත්වීමටයි පියවර ගෙන ඇත්තේ.
ශ්රී ලංකා ජූඩෝ ශූර චාමර නුවන් ධර්මවර්ධන සහ ජිම්නාස්ටික් ක්රීඩිකා මිල්කා ගෙහානි ශ්රී ලංකා ධජය රැගෙන යාමට නියමිතයි.
