2016 වසරේදී රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් චෝදනා ගොණුකර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔහුගේ නීතීඥයන් විසින් කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතාවයක් ගොණු කර තිබෙනවා.
එහි තීන්දුව ලබන වසරේ පෙබරවාරි 03 වනදා ලබාදෙන බවයි කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා දන්වා සිටියේ.
මේ අතර අදාළ සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ සිදුවීමට අදාළව පාඨලී චම්පික රණවක මහතා ඇතුලු 03 දෙනෙකුට එරෙහි නඩු විභාගය ලබන 02 වනදා සිට කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වීමට නියමිතයි.