20 වන සංශෝධනය හරහා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ ස්වාධීනත්වය අහිමිකර ඇති බවට සමගි ජනබලවේගය චෝදනා කරනවා.
ආණ්ඩුව සිය කැමැත්ත මත එහි පත්කිරීම් සිදුකර ඇති බවයි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා කියා සිටියේ.
ඒ හරහා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසන් සභාව විසින්ම මහාධිකරණ හමුවේ ඉදිරිපත් කර තිබූ අධිචෝදනා 42ක් තාක්ෂණික හේතුවක් බව පවසමින් ඉල්ලා අස්කර ගෙන ඇති බවද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා.
ඒ අනුව පැන්ඩෝරා ලේඛනවල මෙරට හිටපු අමාත්‍යවරියකගේ නම සදහන් වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසන් සභාව සිදුකරන විමර්ශනය සෑහිමකට පත්විය නොහැකි බවයි අදහස් දක්වමින් අජිත් පී පෙරේරා මහතා මෙහිදී කියා සිටියා.