කොතලාවල පනත හරහා මතුවන ගැටලූවලට විසඳුම් ඉල්ලු විට 1978 විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් ඊටත් වඩා බරපතල අර්බුදයක් ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති බවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරනවා.
නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කියා සිටියේ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලිකරණය හා මිලිටරිකරණය කිරීමට උත්සාහ කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි.
ඒ අනුව කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හා 78 විශ්වවිද්‍යාල පනතට ගෙන එන සංශෝධන වහා හකුලාගන්නා ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ.
