දුප්පත්කම හේතුවෙන් පීඩාවට පත්ව ඉෂාලිනී වැනි වතුකරයේ දරුවන් මියයාමේ වගකීම ආණ්ඩුව විසින් භාර ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා.
නිසි දෛනික වැටුපක් නොමැතිව වතුකරයේ ජනතාව අදවනවිට අපායක මෙන් ජීවත්වන බවයි මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ.
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී මනෝ ගනේෂන් මහතා මේ බව කියා සිටියා.
රුපියල් දහසක දෛනික වැටුපක් ලබාදෙන බවට දුන් පොරොන්දුව මේවනවිටත් ඉටුකර නොමැති බවට මනෝ ගනේෂන් මහතා මෙහිදී චෝදනා කර සිටියා.
