අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතාට ලැබී ඇත්තේ ලොව කිසිදු රටක අධිකරණයකින් ලබා නොදුන් ආකාරයේ දඩුවමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
එබැවින් රන්ජන් රාමනායක මහතාට දී ඇති සිර දඩුවම ලිහිල් කළ යුතු බවයි විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා කියා සිටියේ.
නඩු තීන්දුවක් විවේචනය කළ නොහැකි බවට ඇති මතය මිත්‍යාවක් බවත් ඕනෑම නඩු තීන්දුවක් ඕනෑම ස්ථානයකදී විවේචනය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නා.
