වයස අවුරුදු 18 ත් 19 අතර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබන 21 වැනිදා සිට ඔවුන්ගේ පාසලේදී ෆයිසර් එන්නත ලබාගත හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, පාසල් නොයන වයස අවුරුදු 18 ත් 19 අතර වයස් ඛාණ්ඩයේ තරුණ තරුණියන්ට ඔවුන් අයත් ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ෆයිසර් එන්නත ලබාගත හැකි බවයි.
