මෙරට දූ දරුවන්ගේ අනාගතය නංවාලීමට අදාල ක්‍රියාමාර්ග රැසක් මෙවර අයවැයට ඇතුලත් වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ ඇතිවී තිඛෙන පසුබෑමට හේතුව කොරෝනා තත්වය බවයි.
ජනතාවට සහන දීම නොව ජනතාවගෙන් යමක් ගැනීමට රජයට සිදුවන බවට මුදල් අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශයෙන් මෙවර අයවැය පිළිබද හොදින් අවබෝධ කර ගත හැකි බව සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා කියා සිටියේ ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි.
බරපතල ආර්ථීක අර්බුදයක් පවතින මෙවන් අවස්ථාවක අයවැය මගින් ජනතා පීඩනය අඩු කිරිමේ උත්සහයක් ආණ්ඩුව නොගන්නා බවයි ජනතා විමුක්ති පෙරමුණ සදහන් කලේ.
මේ නිව්ස් රේඩියෝවට අදහස් දැක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා