මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ඊයේ පැවති තරග දෙකෙන් ජය ගැනීමට නවසීලන්තය හා ඉන්දියාව සමත් වුනා.
නවසීලන්තය හා ස්කොට්ලන්තය ඩුබායි හිදි තරග වැදුනු අතර ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය අබුඩාබි හිදි තරග වැදුනා.
ස්කොට්ලන්තයට එරෙහි තරගය නවසීලන්තය ජයගත්තේ ලකුණු 16 කින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5 ක් දැවි ලකුණු 172 ක් රැස් කළා.
මාටින් ගප්ටිල් ලකුණු 93 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 තුල කඩුළු 5 ක් දැවි රැස් කළේ ලකුණු 156 ක් පමණයි.
තරගයේ විරයා මාටින් ගප්ටිල්.
ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය ඉන්දියාව ජය ගත්තේ ලකුණු 66 කින්.
පලමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුළු 2 ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 210 ක්.
රෝහිත් ෂර්මා ලකුණු 74 ක්ද කේ එල් රාහුල් ලකුණු 69 ක්ද රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය රැස් කළේ ලකුණු 144 ක් පමණයි.
තරගයේ විරයා රෝහිත් ෂර්මා.
මේ අතර ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ තවත් තරග 2 ක් අද පැවැත්වෙනවා.
පළමු තරගය බංගලාදේශය හා ඔස්ටේ්‍රලියාව අතර ඩුබායි හිදිත් දෙවන තරගය බටහිර ඉන්දිය කොදෙව් පිළ හා ශ්‍රී ලංකාව අතර අද රාත්‍ර්‍රියේ අබුඩාබි හිදිත් පැවැත්වීමට නියමියි.