දිවයිනේ ප්‍රදේශ කිහිපයකම අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව නැගෙනහිර , ඌව, උතුරු මැද මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදාසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සදහන්.
මධ්‍යම ,සබරගමුව ,බස්නාහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදාස කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.