12 ශ්‍රේණියේ සිසුන් සඳහා වූ වසර 4කට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද (18) පැවැත්වේ.
විභාග කොමසාරිස් ජනරාල්, අමිත් ජයසුන්දර මහතා පැවසුවේ 2019,2020,2021 සහ 2022 යන වසරවල 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් වෙනුවෙන් මෙම විභාගය පැවැත්වෙන බවයි.
ඒ අනුව අද (18) පෙරවරු 9.00 සිට පස්වරු 12.10 දක්වා දිවයිනපුරා විභාග මධ්‍යස්ථාන 3269කදී විභාගය පැවැත් වේ.
