කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල පසුගිය 09 වනදා සිදුවූ කලහකාරි සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු සහ සැකකාරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු හංවැල්ල ප්‍රදේශයේදීද සැකකාරිය පොල්ගහවෙල ප්‍රදේශයේ ද සැගව සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කලේ. මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු හංවැල්ල විවිධ සේවා සමූපකාර සමිතයේ සභාපතිවරයෙකු වන අතර සැකකාරිය දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීවරියක බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සැකකරු සහ සැකකාරිය වයස අවුරුදු 53 සහ 59 ක් වන තුංමෝදර සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන්. මොවුන් හෙට අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.