නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරුණා.
ඒ අනුව මේ වනවිට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සිටිනවා.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුවයි.
පෙරවරු 09.30 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය පිළිගනු ලැබුවේ කථානායකවරයා – පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වේත්‍රධාරීවරයා – සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඇතුලු පිරිසක් විසිනුයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, සභාව කල් තැබීම සිදුවනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහය ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි.
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම සියලු කටයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම්වේද අනුගමනය කරමින් පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් හෙට හා අනිද්දා දින දෙකේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට නියමිතයි.