පසුගිය 09 වනදා සිදුවූ කලහකාරි සිදුවීමේදී පහරකෑමට ලක්වූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂය පත්ව තිබෙවනවා.
කොල්ලුපිටිය පොලිස් වසමේ පෙරහැර මාවත සහ බේරේ වැව අතර ඇති පදික වේදිකාවේදීයි මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක පුද්ගලයෙකු බව පොලිසිය සදහන් කළා.
අදාළ පුද්ගලයා මියගොස් ඇත්තේ පහරදීමෙන් හිසට සහ පපුවට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් බවයි අධිකරණ වාර්තාවේ දැක්වෙන්නේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයනවා.
