05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වෙනවා.
මෙවර විභාගය සඳහා පෙනී සිටින සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 34 දහස් 698කි.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ, පීඩනයකින් තොරව දරුවන් විභාගයට යොමු කරන ලෙසයි.
අද පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයේදී පෙර වසර වලට සාපේක්ෂව වෙනසක් සිදු කර තිබෙනවා.
ඒ අනුව අද උදෑසන 09 යි 30 ට ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වන අතර එහිදී පළමුව දෙවන ප්‍රශ්න පත්‍රය ලබා දෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
පෙරවරු 09 යි 30 සිට පෙරවරු 10 යි 45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදීමට කාලය වෙන් කෙරෙනවා.
පැය භාගයක විවේකයකින් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රය ලබා දෙන්නේ පෙරවරු 11යි 15 ටයි.
පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට දහවල් 12 යි 15 දක්වා පැයක කාලයක් ලබා දෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
