අඛණ්ඩව 04 වන දිනයටත් ශ්‍රී ලංකාවෙන් දෛනික කොවිඩ් මරණ 100 ඉක්මවා වාර්තා වුණා.
ඒ පෙරේදා දිනයේදී සිදුවූ මරණ 156 ක් ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි.
ඉන් මරණ 121 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 35 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් ආසාධිතයන් 3000 ඉක්මවා වාර්තා වුණා.
ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 3039 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 03 ලක්ෂ 45 දහස් 118 ක් බවට පත්වුණා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 37 දහස් 199 ක්.
මේ අතර මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව තුන් ලක්ෂ 2455 දක්වා ඉහළ ගියා.