කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා 02 අතර කාල පරතරය වැඩි කිරීමෙන් ඉහළ ප්‍රතිශක්තීකරණයක් හිමිවන බව බ්‍රිතාන්‍යයේ සිදුකල අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.
එමගින් වැඩි ප්‍රතිදේහ සංඛ්‍යාවක් නිපදවෙන බවයි හෙළිවී ඇත්තේ.
මාත්‍රා අතර පරතරය තීරණය කිරීමේදී එක් එක් රටවලට තීරණය කිරීමේදී මෙම පර්යේෂණයේ ප්‍රථිඵල ඉවහල් වනු ඇති බවයි බ්‍රිතාන්‍ය පර්යේෂකයන් සඳහන් කරන්නේ.
පළමුවෙන් වාර්තා පළවී තිබුණේ ෆයිසර් මාත්‍රා 02 අතර පරතරය සති 03 ත් 04 ත් අතර විය යුතු බවටයි.
එහෙත් මේ වනවිට එය සති 12 දක්වා ඉහළ දමා තිබෙනවා.
