ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 04 ක් අද උදාසන කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබෙනවා.
එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කිලෝ ග්රැම් 5,356 ක් බරැති මෙම එන්නත් තොගය පෙට්ටි 77 ක අසුරා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගුවන් මගින් ප්‍රථමයෙන් ගෙනැවිත් තිබුණා.
අනතුරුව මෙම එන්නත් තොගය එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද පෙරවරු 08.37 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබු බවයි නිව්ස් රේඩියෝ ගුවන් තොටුපළ වාර්තාකරු කියාසිටියේ.