විදේශ ගතවන සිසුන්ට සහ වෘත්තිකයන්ට ෆයිසර් එන්නත ලබාගැනීම සදහා තවත් විශේෂ එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා කටයුතු කල යුතු බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.
ෆයිසර් එන්නත ලබාගැනීම සදහා ඇතැම් පළාත් වල ජනතාව පළාත් සංචරණ සීමා පවා උල්ලංඝණය කරමින් පිට පළාත් වලට ඇතුලුවීමේ සිදුවීම් එමගින් අවම කරගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අද කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව අවධාරණය කලා.