ළමුන්ගේ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමට අදාළව තවත් පුද්ගලයින් 10 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් බඩල්කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
හදුනාගත් අනෙක් පුද්ගලයින් 10 දෙනා ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
