විවිධ ළමා හිංසන ක්‍රියා සම්බන්ධයෙන් මෙම වසරේ මුල් මාස 06 තුළ පැමිණිලි 4,700 ක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.
ඉන් පැමිණිලි 73 ක් ළමා ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ලැබී ඇති බව සඳහන්.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ අතර ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකයේ ප්‍රධානියා විශ්‍රාම යාම හේතුවෙන් මේ වන විට එම තනතුර පුරප්පාඩු වී ඇති අතර ඒ සඳහා නිලධාරිනියක පත් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.
