ළමා හා කාන්තා හිංසන සිදුවීම් වලට සම්බන්ධ සියලු පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් ලබාදීමට තමන් ප්‍රමුඛ විපක්ෂයේ කොන්දේසි විරහිත පූර්ණ සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු වලදී හදුනාගන්නා වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලබාදිය යුතු බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කලා.
සමගි වනිතා ජන බලවේගයේ නියෝජිතයින් සමග විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.