ළමයින්ගේ අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලයට එකතුකළ සැකකරුවෙකු බඩල්කුඹුර ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ළමයින්ගේ අසභ්‍ය සහ අශ්ශීල දර්ශණ සමාජ මාධ්‍ය වෙත මුදාහරින්නන් සහ ඒවා බෙදාහරින්නන් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ (06) දින සිට ආරම්භ කළ විශේෂ මෙහෙයුම යටතේයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙවැනි තැනැත්තන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 3ක් මේවනවිටත් මෙහෙයුම් සිදුකරන අතර සැකකරුවන් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.