නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ භාණ්ඩ සහිත බහාලුමක් රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
ඒ, තුළ රුපියල් මිලියන 300ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් ඇතුළත් වෙයි.
රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ රුපියල් මිලියන 200ක රූපලාවන්‍ය නිෂ්පාදන, වාහන තුනක් එකලස් කිරීම සඳහා අවශ්‍ය කොටස්, මත්පැන් සහ දුම්වැටි තොගයක් අදාළ බහලුම තුළ තිබී සොයාගෙන ඇත.
වාහන අමතර කොටස් ආනයනය කරන බවට හඟවමින් මෙම බහාලුම ගෙන්වා ඇති බවද වාර්තා වෙයි.