හෙරොයින් කිලෝ 179ක් සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනා සම්බන්ධයෙන් දින 07ක රැඳවුම් නියෝග ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
ඒ අනුව සැකකරුවන් අද (18) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අදාළ රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම විදේශ රටක සිට මෙහෙයවනු ලබන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ජාවාරම මෙහෙයවනු ලබන විදේශගතව සිටින සැකකරු සහ මෙරට සිට මෙහෙයවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.