හයිටි රාජ්‍යයේ සිදුවී ඇති භූ කම්පනයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිදු ගැටලුවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
සිද්ධියෙන් හානියට පත් පිරිස අතර ශ්‍රී ලාංකිකයන් කිසිවෙක් නොමැති බව කියුබාවේ හවානා නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් තහවුරු කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කලේ.
දැනට හෙයිටි රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් 250 දෙනෙකු පමණ සිටින අතර ඔවුන් එහි ඇගලූම් කම්හලක සේවය කරමින් සිටිනවා.
මේ අතර හෙයිටි රාජ්‍යයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1297 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 5700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට වාර්තා වල දැක්වෙන්නේ.
රික්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබල පෙරේදා පස්වරුවේ හෙයිටි රාජ්‍යයට බලපෑ අතර ඉන් දේවස්ථාන – හෝටල් ඇතුලූ ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුවී තිබෙනවා.
