හෙට සිට විදුලි බිල් ගාස්තු සියයට 75 ක සාමාන්‍යයකින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියාසිටියේ ඒකක 30 ට අඩු බිල්පත් සඳහා සියයට 264 ක ගාස්තු වැඩිවීමක් සිදුවන බවයි.
ඒකක 31 ත් 60 ත් අතර සියයට 200 ක ගාස්තු වැඩිවීමක්ද / ඒකක 61 ත් 90 ත් අතර සියයට 125 ක ගාස්තු වැඩිවීමක්ද / ඒකක 91 ත් 120 ත් අතර සියයට 89 ක ගාස්තු ඉහළ යාමක්ද / ඒකක 121 ත් 180 ත් අතර සියයට 79 ක ගාස්තු ඉහළ යාමක්ද අපේක්ෂා කරන බවයි.
මෙමගින් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 500 ක ආදායමක් අපේක්ෂා කරන බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කලා.
කෙසේවෙතත් ඔවුන් අපේක්ෂා කර තිබූ ලාභය වූයේ රුපියල් බිලියන 884 ක් බවයි ජනක රත්නායක මහතා අනාවරණය කලේ.
මේ අනුව ඒකක 30ක් දක්වා භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සඳහා රුපියල් 198 ක පමණ මුදලක් අමතරව මෙම වැඩිකිරීම හරහා විදුලිබිලට එකතු වනු ඇති.
ඒකක 60 ක් දක්වා භාවිත කරන විදුලි පාරිභෝගිකයින්ට රුපිල් 600 ක පමණ වැඩිවීමක් සිදුවන බවද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියාසිටියා.
ඒකක 61 ත් 90 ත් අතර විදුලි බිල රුපියල් 1461 කින් පමණ වැඩිවන අතර ඒකක 90 ත් 120 ත් අතර රුපියල් 2900 ක පමණ ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ යනු ඇති.
