හෙට සිට විදුලි කප්පාදු ක්‍රමවේදය සංශෝධනය කර තිබෙනවා.
හෙට (01) සිට ඇල්ල සහ දකුණ සංචාරක කලාප රාත්‍රී පැය 01 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවෙන් මුදා හැරේ.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ලබන 15 වනදා දක්වා දිවා කාලයේ පැයක සහ රාත්‍රී කාලයේ පැය 01 යි විනාඩි 20 ක විදුලි කප්පාදුව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
නොරොච්චෝලේ බලාගාරයේ 03 වන අධියර ජාතික පද්ධතියට එක් කිරීමත් සමග දෙසැම්බර් 15 වනදා සිට සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කෙරේ.
එමෙන්ම එදින සිට දිවයින පුරා රාත්‍රී විදුලි කප්පාදුවද පැයකට සීමා කෙරේ.
නත්තල් සහ නව වසර දිනවල විදුලිය කපා නොහැරේ.
