හෙට දිනයේ සිට වෙළඳපොළ තුළ කිසිදු ගෑස් හිගයක් ඇති නොවන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කරනවා.
ලාෆ් සමාගම සිය නිෂ්පාදන කටයුතු නවතාලීම හේතුවෙන් පසුගිය දිනවල වෙළඳපොළ තුළ ගෑස් හිගයක් නිර්මාණය වුණා.
මිළ වැඩි කිරීමට අවසර දීමත් සමග ඔවුන් නැවතත් ඊයේ දිනයේ සිට වෙළඳපොලට ගෑස් නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.
එමෙන්ම ලිට්රෝ සමාගම පෙර මිළටම ගෑස් අලෙවි කිරීම අඛණ්ඩව සිදුකරමින් පවතිනවා.
එම සමාගම් දෙකම සතුව මේ වනවිට ප්‍රමාණවත් ගෑස් සිලින්ඩර පවතින බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කලේ.