දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ඉදිරි පැය කිහිපයේදී මිලි මීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවනසවා.
ඒ අනුව හෙට දිනයේදී වැසි තත්වයේ සාපේක්ෂ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.
බස්නාහිර/ සබරගමුව / මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවල සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 සිට 50 දක්වා වැඩිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවමකරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.