සේවකයින්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු නොකිරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රී 12 සිට සේවයෙන් ඉවත් වීමට තීරණය කල බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
ඒ හේතුවෙන් හෙට දිනයේදී දුම්රිය ගමනාගමනය අඩාල විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අද දහවල් මාධ්‍ය හමුවක් කැදවමින් සමස්ථ ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා මේ බව කියා සිටියා.