භෙට දින පෙත්සම සලකා බලන තුරු විදුලිය කප්පාදු කිරීමක් නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට අද ප්‍රතිඥාවක් ලබා දුන්නා.
ඒ අනුව මානව හිමිකම් කොමිසමට අපහාස කලේ යැයි එම කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පැමිණිල්ල සලකා බැලීම සඳහා හෙට දින කැදවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරුණේ විදුලි සැපයුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනුකළ පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන් එකඟතාව කඩ කළ බව පවසමින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.
එහිදී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පවසා ඇත්තේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයින් උපදෙස් ලබා ගැනීම සඳහා කාලය අවශ්‍ය බවයි.
පෙත්සම හෙට දින කැඳවන ලෙසත් එම නීතිඥවරු ඉල්ලා සිටියා. මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ පෙන්වා දුන්නේ මෙය හදිසි කටයුත්තක් බැවින් කල් දැමීම නුසුදුසු බවයි. ඒ අනුව වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ නීතිඥවරුන්ට කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම අද පෙරවරුවේම යලි කැඳවනු ලැබුවා.
