මුලු රටක්ම දැවන්ත ආර්ථික ඛේදවාචකයකට මුහුණු දී සිටින අවස්ථාවක ආණ්ඩුව කිසිදු සැලැස්මක් නොමැතිව රට පාලනය කරන බවට ජාතික ජනබලවේගය චෝදනා කරනවා.
ඊයේ අනුරාධපුරයේදී සංවිධානය කර තිබූ විරෝධතාවකට එක්වෙමින් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ වත්මන් ජනාධිපති සහ අගමැති රටේ පාලනය භාර දෙන්නේ නම් රට ගොඩගැනීමට සිට පක්ෂය ඕනෑම අවස්ථාවක සූදානම් බවයි.