යුගදනවි බලාගාරය අමරිකානු සමාගමකට පැවරීමට විරෝධය පළකරමින් හෙට දිනයේදී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කළද රටේ විදුළි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවට ලංකා විදුළි සේවක සංගමය සහතික වනවා.
කෙසේ නමුත් හෙට ක්‍රියාත්මක උද්ඝෝෂණයේදී රට පුරා විදුළි විසංධි කිරීමක් සිදුකර ආණ්ඩුව ජනතාව අපහසුතාවට පත්කරයිද යන්න සම්බන්ධයෙන් සැකයක් පනතින බවයි නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් ලංකා විදුළි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටියේ.
හෙට දිනයේදී ක්‍රියාත්මක කරනුයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් මිස වැඩවර්ජනයක් නොවන බවද රංජන් ජයලාල් මහතා මෙහිදී ප්‍රකාශ කළා.