සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    බලශක්ති අර්බුදයට ලංකාව විසඳුමක් ඉල්ලූ බව රුසියාව තහවුරු කරයි

    බලශක්ති අර්බුදයට ලංකාව විසඳුමක් ඉල්ලූ බව රුසියාව තහවුරු කරයි

    ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි

    ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි

    ජනපති හා ජගත් මහ ලේකම් අතර හමුවක්

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරි සති කිහිපය තුළ

    ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්

    ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්

    පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය

    පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය

    මෙරට සාගර සම්පත විදේශිය රටවලට විකුණා දැමීමේ සැලැස්මක්

    ” ධීවරයෝ ගැනත් බලන්න – ඉන්ධන සහනාධාරයක් දෙන්න”

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    බලශක්ති අර්බුදයට ලංකාව විසඳුමක් ඉල්ලූ බව රුසියාව තහවුරු කරයි

    බලශක්ති අර්බුදයට ලංකාව විසඳුමක් ඉල්ලූ බව රුසියාව තහවුරු කරයි

    ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි

    ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි

    ජනපති හා ජගත් මහ ලේකම් අතර හමුවක්

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරි සති කිහිපය තුළ

    ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්

    ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්

    පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය

    පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය

    මෙරට සාගර සම්පත විදේශිය රටවලට විකුණා දැමීමේ සැලැස්මක්

    ” ධීවරයෝ ගැනත් බලන්න – ඉන්ධන සහනාධාරයක් දෙන්න”

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

සාමූහික ප්‍රයත්නයකින් ගරාවැටුණු රට ගොඩනගමු – විපක්ෂ නායක සුභ පැතුම

Sudari Silva by Sudari Silva
5 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ සමුළුව අධිකරණ ස්වාධීනත්වයට අතපොවන 20 හි දුර්විපාකයක්ද?
0
SHARES
34
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අධිෂ්ඨානශීලී නව වසරකට සුභ පැතුම්!
ජයග්‍රහණවලට වඩා  රටක් ලෙස, පරාජයන් මෙන්ම අහිමිවීම් සහ වේදනාවන් රැසක් අත්විඳි වසරක් නිමාවී නව වසරක් උදා වන මේ මොහොතේ ශ්‍රී ලාංකේය පුරවැසි සියලු දෙනාට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරමු.

හෘද සාක්ෂියට එකඟව හෘදයාංගම  සුබපැතුමක් පතනවා හැරුණුකොට මේ මොහොතේත් පීඩාව සහ දුක් දොම්නස් අත්විඳිමින් සිටින ශ්‍රී ලාංකේය ජනතාවට ව්‍යාජ සුරංගනා ලෝකයක් පිළිබඳව හිස් ප්‍රාර්ථනාවන් කිරීමම රටේ ජනතාවට කරනු ලබන නිගාව කැයි අප විශ්වාස කරමු.
කොරෝනා ව්‍යසනය මැද පහළොස් දහසකට ආසන්න පුරවැසි පරපුරක් අහිමි වූ තත්ත්වයක් තුළ,චිරාත් කාලයක් මුලුල්ලේ සුපුරුදු පරිදි නව වසරේ පළවෙනි දාට ඉදෙන කිරිබත හෝ පිස ගන්නට නොහැකි තරමට ආර්ථිකය බංකොලොත් වූ තත්ත්වයක් තුළ, කොයි මොහොතක හෝ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාවිදැයි සිතා ගන්නට නොහැකිව දෙගිඩියාවෙන්, ගෘහනියන්ට මුළුතැන්ගෙට යන්නට සිදුව ඇති තත්ත්වයක් තුළ, රට සතුව පවතින අවසාන සංචිත පවා අහිමි වී නව වසර ආරම්භයේදීම දැවැන්ත ණය වාරිකයක් එතෙරට ගෙවීමට නියමිතව ඇති තත්ත්වයක් තුළ, කුසගින්න දරාගන්නට නොහැකිව හඬා වැලපෙන සහ මන්දපෝෂණය මෙන්ම අඩු බර උපත් දරුවන් සංඛ්‍යාත්මකව ඉහළ ගිය තත්ත්වයක් තුළ ද, අධ්‍යාපනය පවා කඩා වැටී දූ දරුවන්ගේ අනාගතය පිළිබඳව බරපතළ ප්‍රශ්න ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතව ඇති වටපිටාවක් තුළ ද,තරුණ පරපුර  රැකියා අහිමිව අනාගතය පිළිබඳව අපේක්ෂා භංගව ජීවත්වන තත්ත්වයක් තුළ ද, ගොවි ජනතාව සිය පාළු වූ කෙත් වතු දෙස සුසුම් හෙළමින් සිටින තත්වයක් තුළ ද,සකලවිධ කම්කරු ප්‍රජාව තමන්ට හිමි අවම වරප්‍රසාදය පවා අහිමිව ගිය තත්ත්වයක් තුළ ද අප නව වසරට මුහුණ දෙමින් සිටිමු.

මේ තීරණාත්මක තත්ත්වයට මුහුණ දිය හැක්කේ බල න්‍යාය පත්‍රය ස්වකීය අතේ රඳවාගෙන නොවන බවත්, ඒ වෙනුවට කළ යුත්තේ සාමූහික ප්‍රයත්නයකින් මේ ගරාවැටුණු තත්ත්වයෙන් රට ගොඩනැගීම බවත් අපි යළි යළිත් අවධාරණය කරමු.

මේ රටේ පුරවැසි පරම්පරාවේ නාමයෙන් අපි නැවත ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ ජාතික ව්‍යසනකාරී මොහොතේ පටු බල උන්මාදය වෙනුවට නිරහංකාර ජනතාවාදී වැඩපිළිවෙලකට අවතීර්ණ වන ලෙසය.

විවිධ ව්‍යසනයන්ට මුහුණ දෙමින් ලෝකයේ විවිධ රටවල් නැවත අළු දූලි මතින් නැගී සිටි ආකාරය සිහිනුවණින් කල්පනා කළ යුතු කාලය එළඹ ඇති අතර මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ඉක්මවන ජනතාවගේ සහ මතු පරම්පරාවේ, නාමයෙන් වගකීම් සහගතව කටයුතු කිරීමෙහි පරම අවස්ථාව එළඹ තිබෙන බව අප යළිත් සිහිපත් කරමු.

අභාග්‍යසම්පන්න කාලසමයක් තුල සකල ලෝකවාසීන්ටම අලුතින් සිතිය යුතු පාඩම සොබාදහම විසින් ද නිහඩවම කියාදී ඇති අතර, ඒ සියල්ල පිළිබඳව අධිෂ්ඨානශීලීව කල්පනා කරමින් අලුත් අවුරුද්ද අලුත් ආරම්භයක හැඟීම් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් පරිවර්තනය කරගත යුතු යැයි අපි විශ්වාස කරමු.

රටක් ලෙස නැවත නැගී සිටීමේ උදාර අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන් සමස්ථ ශ්‍රී ලාංකේය ආදරණීය ජනතාවටම ජවය ශක්තිය සහ ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

Sudari Silva
Sudari Silva
Tags: SAJITH PREMADASASJBනව වසරව්‍යසනය
Previous Post

ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන වසර උදා වී තිබේ – අගමැතිගේ සුබ පැතුම

Next Post

නව වසරේ දේශපාලන පක්ෂවල සැළසුම්

Sudari Silva

Sudari Silva

Related Posts

බලශක්ති අර්බුදයට ලංකාව විසඳුමක් ඉල්ලූ බව රුසියාව තහවුරු කරයි
දේශීය

බලශක්ති අර්බුදයට ලංකාව විසඳුමක් ඉල්ලූ බව රුසියාව තහවුරු කරයි

by Shamil Fernando
May 27, 2022
ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි
දේශීය

ඇමරිකානු තානාපතිනිය කථානායක හමුවෙයි

by Shamil Fernando
May 27, 2022
ජනපති හා ජගත් මහ ලේකම් අතර හමුවක්
දේශීය

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරි සති කිහිපය තුළ

by Shamil Fernando
May 27, 2022
ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්
දේශීය

ආහාර හිගය පිළිබඳ සාකච්ඡාවක්

by Shamil Fernando
May 27, 2022
පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය
දේශීය

පුද්ගලික ඉන්ධන සංචිත පවත්වාගෙන යන කර්මාන්තකරුවන්ට ඉන්ධන ආනයනයට අනුමැතිය

by Shamil Fernando
May 27, 2022
Next Post
KDU පනත අද විවාදයට නොගැනේ /අද විවාදය ආගාමික හා විගාමික පනත ගැන

නව වසරේ දේශපාලන පක්ෂවල සැළසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police RAIN SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In