හිටපු නීතිපති දප්පුල ද ලිවේරා සාක්ෂිකරුවෙකුට වඩා චූදිතයෙකුගේ තත්ත්වයට ඇදදමා ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
කාදිනල් හිමිපාණන් මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථාන පරිශ්‍රයේ පැවති සැමරුම් වැඩසටහනේදීය.
ලක් ඉතිහාසයේ අඳුරුතම දිනයක් ලෙස සටහන් වූ ජීවිත 272ක් බිළිගත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු වී අදට සිව් වසරක් සපිරෙයි.
ඒ වෙනුවෙන් පැවැති ප්‍රධාන සැමරුම් වැඩසටහන අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදි පැවැත්වුණි.
ලොව පුරා කිතුනුවන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානය සැමරූ 2019 අප්‍රේල් මස 21 වැනිදා ස්ථාන 8කදී ප්‍රහාර 10ක් සිදුකළේ කිතුණු දේවස්ථාන 03ක් සහ අගනුවර තරු පන්තියේ හෝටල් 03ක් ප්‍රධාන ඉලක්ක කර ගනිමිනි.
ඒ අනුව ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය හා වින්දිතයින්ට යුක්තිය ඉල්ලමින් ඊයේ පස්වරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකින් අනතුරුව පාගමනක් ආරම්භ කෙරුණි.
ඒ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය දක්වාය.
කතෝලික පියතුමන්, කන්‍යා සොයුරියන්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සහ තරුණ තරුණියන් යුක්තිය අයැදීමේ පාගමනට එක්ව සිටියේය.
පා ගමන අද පෙරවරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය වෙත පැමිණියේය.
අනතුරුව ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය වෙනුවෙන් සංවිධානය කර තිබු ප්‍රධාන සිහිකිරීමේ වැඩසටහන සහ දේව මෙහෙය අද පෙරවරු 08.00 පමණ ආරම්භ වූයේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදිය.
ඒ, කොළඹ පදවියේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ වතිකානයේ ශ්‍රී ලංකා තානාපති අතිඋතුම් බ්‍රයන් උඩයිගුවේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.
එම අවස්ථාව සඳහා චීනය, අමෙරිකාව, එක්සත් රාජධානිය ඇතුලු රටවල් රැසක් නියෝජනය කරමින් තනාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ද එක්ව සිටියේය.
සැමරුම් වැඩසටහන ආරම්භයේදී පළමු ප්‍රහාරය එල්ලවු උදෑසන 8.45 සිහි කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.
අනතුරුව ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිකරමින් ස්මාරකය ඉදිරිපිට ඉටිපහන් දැල්වීම සිදුකෙරුණි.
ප්‍රධාන වැඩසටහන අවසානයේ දිව්‍ය පූජා යාගය පැවැති අතර, ඊට ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් ද එක්ව සිටියේය.
මේ අතර ‘යුක්තිය ඉටුවන තුරු අප අවදියෙන්’ යන මැයෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස සිට ජන පවුරක් නිර්මාණය කෙරුණි.
මේ අතර පාස්කු ප්‍රහාරයේ ඉලක්කයක් වූ මඩකලපුව සියෝන් දේවස්ථානය සහ දිවයිනේ තවත් ප්‍රදේශ බොහෝමයක දේවස්ථානවල ආගමික වැඩසටහන් සහ විරෝධතා සංවිධාන කර තිබුණි.