හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැති, ලොව සාර්ථකත්වය සඳහා බලපෑමක් ඇති කිරීමට හැකි වූ කාන්තාවන්ගේ පළමු ජාත්‍යන්තර සම්මේලනයට සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා රටවල් කිහිපයක කාන්තා නියෝජිතයන් සහභාගි විය.
මෙම සම්මේලනයේ අරමුණ ලොව සාර්ථකත්වයට බලපෑම් ඇති කිරීමට හැකි කාන්තාවන් අගය කිරීම, ඔවුන්ට සහයෝගය දැක්වීම, ඔවුන්ගේ වර්ධනයට උපකාර කිරීම හා ඔවුන්ගේ නිර්මාණශීලී අදහස් ප්‍රවර්ධනය කිරීමයි.
